Saturday, June 27, 2009

ජනිත් ජයරත්න වූ මා ගැනයි මේ...

රණවිරුවකුගේ බිදුන සිහින යලි දළු ලයි

මා පාසල් යන කාලයේ නම් තරමක දඩබ්බරයකුය. එහෙත් කුඩාකල සිටම මා උපන් දේශයට බෙහෙවින් ආදරය කලෙමි සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව මා පොලිස් කොස්ථාපල් තනතුරට අයදුම් කලෙමි නොබෝ දිනකින් එම සිහිනය සැබෑ කරමින් එම තනතුරට බදවා ගත්හ. මා හටද එම උතුම් නිළ ඇදුමෙ රාඡ්‍ය නිලතල වල පහස ලැබීමට වාසනාව ලැබීම මා සතුටින් අමන්දානන්දනයට පත් කරවන හේතුවක් විය.

පුහුණුවෙන් පසුව මා යාපනය මූලස්ථාන පොලීසි‍ෙය් රාජකාරියට ගියෙමි. තල් අරබෙදි කොටින්ගෙන් සිදු වූ හිරිහැර මෙතෙකැයි කියා නිමකල නොහැක.

මාගේ සැගවී තිබූ හැකියාවන් හදුනාගත් උසස් නිළධාරීන් මා 118 පොලිස් හදිසි ඇමතුම් අංශයේ සේවයට තෝරාපත් කලහ. එහිදී මා ලංකාවෙ පීඩිත ඡනතාවට අනගි මෙහෙවරක් කෙලෙමි.

එක්තරා දිනක මුලු අහස් ගැබම අන්ධකාරයෙන් පිරී තබිණි. එදිනද මා සුපුරුදු පරිදි රාඡකාරිය සදහා හිවසින් පිටව ගියේ දාහක් සිතුවිලි සිතේ තබා ගනිමිනි.මා රාඡකාරිය සදහා ගමන් කරන අතරමගදි මා ගමන් ගත් රථය අනතුරට පත් වූවෙ මා දෙපයින් නැගී සිටීමට නොහැකි ආබාධිතයකු කරමිනි.

මා හට සිහිය එන විට මා සිටියේ රෝහලේ රෝගී ඇදක් මතය.මා වටා මාගේ මව පියා ඇතුලු නෑදෑයින් හඩමින් සිටි අයුරු සිහි වන විට මගේ දෑස් අදද කදුලින් තෙත් වන්නේය.

රඡකම් කලත් කලත් කල කම් පල දෙනවා

දහස් වාරයක් යහනේ මැරි මැරි උපදිනවා

මෙවන් දුකක් කිසි කෙනෙකුට නොමවෙවා

දුක් ගිණි මැද්දේ පෙර පිනකුත්පල දෙනවා

මිනිස් වෙස් ගත් දෙවියකු හමු වෙනවා

ඒ දෙවියන් මා අන්තර් ඡාලයට ඇද දැමුවා

මෙ දෙවියන් මතු මත්තෙදි බුදු වෙනවා

මම ජයරත්න.